Cherreads

Chapter 5 - 5.0

" අයුක බැටින්ද බෝලින්ද.."

" ඉඳපන් ටොස් එක දාන්න.."

" ඉඳුවර අයියයි අයුක අයියයි ටීම් දෙකක් ගහමු.."

" බෑ අර අයියලත් ඉන්නවනෙ.. ඉස්කෝලෙයි ආමි අයියලයි දෙකක් ගහමු.."

" හා..!!"

මම ග්‍රවුන්ඩ් එකේ පැත්තක තණකොළ ගොඩේ ඉඳගෙන බලාගෙන හිටියෙ පඳුරක් දිහා.. මෙතන වෙන මොකුත් බලන්න නෑනෙ.. හවස් වෙලා නිසා හොටෙල් එකේ වැඩ කරන ස්ටාෆ් එකේ අයියලා ටික අපිත් එක්ක ක්‍රිකට් ගහන්න එනවා කිව්වා.. අපි හොටෙල් එක බුක් කල්ලා තිබ්බ නිසා වෙන විසිටර්ස්ලා හිටියෙත් නෑ.. කලින් අයුක අයියත් එක්ක මල පැනලා ග්‍රවුන්ඩ් එකට ආවට මොකද මෙතන ඉන්න දෙසීය දෙසීය පනහ අස්සෙ මට ඒක අමතක වෙලා ගියා.. අපේ නෑනෙ ඔය තරහ මරහ හිතේ තියාගෙන ඉඳිලි.. මෙහෙමයි.. එහෙම තරහ හිතේ තියාගෙන ඉන්න වෙලාවලුත් තියනවා.. එහෙම වුණාට මේ හද පතුලෙන්ම වෛරකරන පව්කාර වැඩ මං ගාව නෑ.. එහෙම ඕන්නෑනෙ.. කව්ද දන්නෙ මම අද ඉඳලා හෙට මැරිලා ගියොත්.. අපේ තාත්තා කියනවා වගේ ක්‍රෝධය හිත අස්සෙ තියාගෙන මැරෙන්න හොඳ නෑ අපාගත වෙනවලු.. මට බෑ අපායෙ යන්න.. ඊටපස්සෙ තඩි උලක උස්සලා ගැහුවොත් මොන දෙයියට කියන්නද..

ඒ අස්සෙ මට ලිල් නාස් එක්ස් ගෙ මොන්ටෙරෝ මියුසික් වීඩියෝ එකේ අන්තිමට ඌ සාතන්ව රයිඩ් කල්ලා එහෙමම මරලා දාන කෑල්ල මතක් වුණා.. ඇඟත් හිරි වැටිලා ගියා.. 

සෙනුකයා උඹෙ කොලු පිස්සුව නවත්තගත්තොත් හොඳයි වගේ..

" සෙනුකයා විකට් කීපින් වරෙන්.."

" අඩෝ බෑ බං.."

" බැරි කොහෙද වරෙන්.."

ඒ අස්සෙ කොහේද හිටපු එකෙක් දුවගෙන ඇවිත් මාව ඇදගෙන පිට්ටනිය මැද්දට ගිහින් අතෑරියා.. මම පස්සෙ ඇලවිලා තිබ්බ තණකොළ ටික ගසාගෙන කලිසම පොඩ්ඩක් උස්සගෙන වටපිට බලද්දි අයුක අයියා කොහේද ඉඳන් මතුවෙලා විකට් පොලු තුනක් උස්සන් ඇවිත් ග්‍රවුන්ඩ් එක මැද්දෙ හිටවලා බැට් ටෝල් ටෝල් ගාලා ගහලා ඒක හරියට හිටෙව්වා..

" මල්ලිලාගෙ ඉස්කෝලෙ ක්‍රිකට් ගහන අය කව්ද ඉන්නෙ.."

උස තළෙලු ඩයල් එකක් ඇවිත් ලෙදර් බෝලයක් අයුක අයියට විසික් කළාම අයුක අයියා ඒක සාක්කුවෙ දාගත්තා.. මම ඌ දිහා නොබලා වෙන පැත්තක් බලාගත්තා..

" ක්ලබ් එකේ ප්ලේ කරන අයද අයියෙ.."

" ඕ.."

" ඔය බෝලින් ඉන්න අයියා ඉන්නවා.. තව ජොනතන් ඉන්නවා.. ඒ ඇරෙන්න අතන ඉන්න අයියලා ස්කූල් ටීම් ප්ලේ කරනවා.."

" එහෙමද.. මරු මරු.."

මම දැන් ගෝල්කීපින් ආවට බෝලෙ ඇවිල්ලා මගේ සුකුමාල මූණෙ වදීද දන්නෙත් නෑ.. නැතිවෙයිනේ.. අයුක අයියා යාළුවෙන් සාමදානෙන් හිටියනම් කියන්නවත් තිබ්බා 'අයියාහ් බෝලෙ දානකොට හිමින් දාන්න' කියලා. කොහෙද ඌ මත් රකුසෙක් වෙලා මෙතන ඩෙගා නටන්න ඇවිත් මගේ යකා ඇවිස්සුවනෙ.. 

එක අතකට ඌ එක්ක කේන්ති අරගෙනත් වැඩක් නෑ.. සල්ලි වැහිවැහැලා ඒවටම යටවෙලා ඌත් උගෙ සීයයි තාත්තයි වගේ ජීවිතේ කාළකණ්ණි කරගනී.. හැබැයි ට්‍රිප් එක ඇවිත් ඕවා කරන එකනම් අනුමත කරන්න බෑ.. 

" සෙනුකයා ඌ ගැන හිතන එක නවත්තපාන්..!!!"

මම අත දිගෑරගෙන චටාස් ගාලා කම්මුලට ගහගත්තු පාර එතනින් ගිය අභිරු අයියා මං දිහා අමුතුවට බැලුවා..

" චිප් මේ මදුරුවො කම්මුලේම වහනවනෙ.."

ටිකකින් ග්‍රවුන්ඩ් එක හදලා පිල් බෙදිලා සෙල්ලම් කරන උන් ටික වෙන් කරගත්තට පස්සෙ අනිත් උන් ග්‍රවුන්ඩ් එකේ කොණේ තණකොළ ගොඩේ ඉඳගෙන හිටියා.. මම විකට් එකට පිටිපස්සෙන් එන බෝලෙ අල්ලගන්න අත පයේ හිරි ඇරගෙන ලෑස්තිවෙලා හිටියෙ.. බෝලින් හිටියෙ අයුක අයියා.. ඕකා මෙහෙම හිටියට ඉස්කෝලෙ ක්‍රිකට් ක්ලබ් එකෙ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්.. තුන් ඉරියව් කිව්වහම හැබැයි මට මතක් වෙන්නෙ ලේනෙක්ව.. අයුක අයියා ටිං ටිං ගගා අඹ අත්තක් දිගේ ලේනෙක් වගේ දුවනවා ක්ශණිකව මට මැවිලා අතුරුදහන් වුණා.. ඊයා අයුක අයියෙ..!

පළවෙනිපාර අයුක අයියා පිටිපස්සට අඩි දෙකතුක් ගිහින් හැල්මේ දුවගෙන ඉස්සරට ඇවිත් අත කරකලා ආමි එකේ අයියට හික් ගෑවෙන්න බෝලෙ දැම්මා.. ඒක ගාණට ලස්සනට ඇවිත් විකට්පොලු කඩාගෙන ගියා.. අර අයියා බැට් එකත් අතේ තියාගෙන ඉණටත් අත ගහගෙන අයුක අයියා දිහා බලාගෙන ඉද්දි වටේ පිටේ ඉන්න උන් සේරම මහා හයියෙන් හිනාවෙන්න ගත්තා.. 

" පොඩි උන් කියලා ගැහුවෙ නැත්තෙ.. මුල් බලහල්ලකො.."

පුහ්.. ලැජ්ජ හිතුණහම එහෙමවත් කියන්න තළෙලු අයියෙ.. අපේ තුන් ඉරි අප්පු ගැම්මක් තමා.. ආයෙම තළෙලු අයියා ෆුල් සීරියස් ගේම් එකට අවතීර්ණ වෙලා දෙවෙනි සැරේ හතරෙ එකක් ගැහුවා.. 

හැන්දෑවෙ හය විතර වෙනකල්ම තරඟ උද්‍යෝගෙන් ක්‍රීඩා පිටිය පිරිලා ඉතිරිලා ගිහින් තිබුණා.. ඒක ආතල් වැඩේ.. අපි හිතුවට වඩා ආමි එකේ කෙල්ලො වැඩේට් සෙට් වුණා.. හිටිය උන්ගෙන් ක්‍රිකට් ගැන නොදන්න එකා පවා ඇවිත් ක්‍රිකට් ගැහුවා.. ඉස්කෝලෙන් ගිය මැඩම්ලා ඈතට වෙලා අපි දිහා බලාගෙන ඉන්නවා.. ළඟපාතකට ආවෙ නෑ.. තුවාල කරගන්න තරම් නරක විදියට කවුරුත් සෙල්ලම් කළෙත් නෑ.. ඉස්කෝලෙ ළමයි නිසා අපි එක්ක සෙල්ලම් කරපු අයියලත් හුඟක් පරිස්සමින් හිටියෙ..

මම විකට් කීපින් ඉඳලා බැට් කරන්න ගියා.. මට ඔය පිත්ත වනන්න තේරෙන්නෙ නෑ අප්පා.. අර සොෆ්ට් බෝලෙන් නම් ක්‍රිකට් ගහනවා ඉස්කෝලෙදි.. ඒ වුණාට ලෙදර් බෝලෙ එද්දි මට හිතෙන්නෙම ඕක මූණ මැද්දෑවටම වදී කියලා.. මම තුන්පාරක් විතර බැට් කළා.. අන්න ස්විමින් හරි ඒ වගේ යමක් තිබ්බනම් මම පීනගෙන පීනගෙන යනවා.. මම ලස්සන හංසයෙක්නෙ.. හංස ධේනුවක් තමයි තාම නැත්තෙ.. ආයෙම ආරාධනාවක් ආවොත් ප්‍රතික්සේප කරන්න හොඳ නෑ..

මම ආතල් එකේ කෑගහගෙන ෂනෙරුවා බෝල් කරද්දි ඌට චියර් කළා.. මේ වීකෙන්ඩ් එකේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකේ ඩිරෙක්ටරයගෙන් මට කුණු කතාවක් අහගන්න වෙන එක වෙනවාමයි.. ඇයි මට මෝනින් ශෝ එක කරන්න බැරිවුණානෙ.. ඉයෝන් අයියා එක්ක අද ඩේමියන් ඉන්නවා කියලා කිව්වෙ.. ඩේමියන් කියන්නෙ ප්‍රෝග්‍රෑම් එකේ කෝ-ප්‍රසන්ටර් කෙනෙක්.. ඒ වුණාට හරිනම් ඉන්නෙ ඉවෝන් ඇන්ඩ් සෙනුක.. ප්‍රෝග්‍රෑම් එක ලේබල් කල්ලා තියෙන්නෙ එහෙමයි.. 

වොයිස් ඇක්ටර් කෙනෙක් වෙන එක ලේසි නෑ.. ලොකෙ කෝක කරන්නත් ලේසි නෑ තමා.. වොයිස් ඇක්ටින් වල තුන් හතරපාරක්ම ටේප් එකක් ගන්නවා.. ඊටකලින් රියසල් හතරපාරයි.. සමහර කැරැක්ටර්ස් වලට හඬකවලා ඉවරවෙනකොට උගුර දන්න ගන්නවා.. මම කතාකරගන්නම බැරුව ඉන්න දවස් ඉහේ කෙස් ගාණට ඇති.. ඒ වුණාට මම ඒකට ආසයි.. ආස නිසාම මම සෑහෙන්න කටහඬ ගැන හිතුවා.. මනුස්සයෙක්ට තමන් කැමති පැත්තක් තියනවනෙ.. සමහරු පොත් කියවනවා.. සමහරු කවි ලියනවා.. සිංදු කියනවා.. සිංදු ලියනවා.. පොත් ලියනවා.. නටනවා.. ස්පොර්ට්ස් කරනවා.. ඉතින් මගේ ජීවිතේ මම ආසම සයිඩ් එක මියුසික්.. සිංදු ලියන්න, කියන්න දෙකම.. පොඩි කාළෙ ඉඳන්ම අම්මයි තාත්තයි ඒක ගැන මාව උනන්දු කරපු නිසා මට මාරම ආසාවක් තියනවා සිංදු කියන්න..

මම විශ්වාස කරනවා මගේ හැකියාවෙන් අනික් අයට හානියක් කරන්න ඕන නැහැයි කියලා.. 

ඇත්තටම කලාව කියන්නෙ මනුස්සයෙක් කිමිදිලා බලන්න ඕන විශයක්.. කලාව නැතුව පවතින ලෝකෙ සමහරවිට හෙන ඒකාකාරී වෙන්න ඇති.. අපි ඕනම දෙයක් දිහා බලන 'ඇහැ' අපිව එක එක මාන වලට ගෙනියනවා.. නිදහසේ හිතන්න පුළුවන් විශයක් ඇතුළෙ සැරිසරන එකම කොච්චර දෙයක්ද.. මම ඒකෙ කොටස්කාරයෙක් වෙච්ච එක ගැන මට හරිම සතුටුයි.. 

රෑ වෙන්න ග්‍රවුන්ඩ් එකේ ලයිට්ස් දාලා මහන්සිවෙලා හිටපු සේරම ග්‍රවුන්ඩ් එක මැද්දෙ රවුමට වාඩි වුණා.. ඒ වෙලාවෙ ටී ටයිම් එකක් තිබ්බෙ.. ෂනෙරුවා නටලා නටලා පිස්සු කෙළලා හති දමාගෙන දාඩිය නාගෙන ඇවිත් මං ගාවින් ඉඳගත්තා.. මම මගේ අතේ තිබ්බ ටී කප් දෙකෙන් එකක් ෂනෙරුට දුන්නා.. අනේ මන්දා අපිටත් එක්කො පිස්සු මෙච්චර හති දමාගෙන තේ ම බොන්න.. 

ඒක තමයි මහත්තයෝ ලාංකිකත්වය.. ගිනිමද්දහනෙ උනත් අපේ මිනිස්සු බොන්නෙ තේ..

මම ටී කප් එක බිමින් තියලා ශර්ට් එකේ කොලර් එකෙන් මූණ දෙපැත්තෙන් බේරෙන දාඩිය පිහාගත්තම ෂනෙරුවා මගේ කම්මුලකට ඇඟිල්ලෙන් ඇන්නා.. 

" වලක් හැදෙන්න කම්මුල පුම්බන්නකො හලෝ.."

" මේ මොකෝ.."

" ඒක ශෝයි අනේ.."

මම කට එකපැත්තකට කල්ලා හිනාවුණාම ෂනෙරුවා මගේ කම්මුලේ හැදෙන ඩිම්පල් එකට ඇඟිල්ලකින් ඇන්නා.. තණකොළ පිහාගෙන ආපු සීතළ හුලං රැල්ලක් අපි අස්සෙන් ගලාගෙන ගියාම හැන්දෑවෙ තියන අමුතු ලස්සන වයිබ් එක මගේ හිතට දැනුණා.. ඒ එක්කම රධ්‍ය අයියා ඈත ඉඳගෙන අපි ඉන්න පැත්තට දුවගෙන ඇවිත් මට ගිටාර් එක දික් කළා..

" ගන්න.."

" දැන්..??"

" ඔව් ඔව් බං.. දන්න මොනා හරි කියමු.."

මම මගේ දුඹුරුපාට එච්චර බර නැති ගිටාර් එකයි පික් එකයි අරගෙන කෝඩ්ස් කීපයක් ප්ලේ කළා.. මේක ඇවිල්ලා මගේ 'ලෝලා ගෝර්දෝ' එක.. මගේ ගිටාර් එකට නමක් තියනවා.. එකට පණ නැතිවුණත් මම පුදුම තරම් මේකට ආදරෙයි.. ඉතින් ඒක මට නිකන්ම නිකන් ගිටාර් එකක් නෙමෙයි.. විශේෂ එකක් නිසා මම නමක් දාගත්තා.. 

මම කෝඩ්ස් ටිකක් ප්ලේ කරද්දි එකපාරට කතාකර කර ඉඳපු ළමයි සේරම හැරිලා මගේ දිහා බැලුවා.. අනවශ්‍ය අවධානයක් ගත්තද මන්දා.. මම ගොංපහේ හිනාවක් දාලා ගිටාර් එකෙන් මූණ කවර් කරගත්තා.. 

" ටසිරි මෙන්න ගායකයා.. අඩෝ අඩෝ එහෙනම් සිංදු කියමු බං.. සෙනුක මල්ලිට මහන්සියක් නෑනෙ.."

" මහන්සි වුණත් කමක් නෑ කියන්න කියහන්.."

වටෙන් පිටෙන් එක එක සද්ද ඇහෙනකොට මෙලෝ හේතුවක් නැතුව මගේ කම්මුල් දෙක රත් වෙලා රතු වුණා.. ඒ අස්සෙ මට ටිකක් ඈතින් අයුක අයියා කකුල් දෙකත් එරමිණීයා ගොතාගෙන තණකොළ ගොඩේ වාඩිවෙලා බලාගෙන ඉන්නවා මම දැක්කා.. එයාගෙ කොණ්ඩෙ හුළං පාරවල් වලට අවුල් වෙලා එහාට මෙහාට වෙලා.. විසාල තනිකමක් ඔලුවෙ ඉඳන් පොරොවගත්තු මනුස්සයෙක් වගේ අයුක අයියා පේන්නෙ.. මම අයුක අයියා දිහා බලාගෙන ඉන්නකොට අයුක අයියා ඉක්මනට බිම බලාගත්තා.. 

ඊට ටික වෙලාවකට පස්සෙ තමා මනමාල හිනාවක් දාගෙන මං දිහා බලාගෙන ඉන්න රධ්‍ය අයියව දැක්කෙ.. මමද.. නෑ නෑ!! ෂනෙරුවා දිහා වෙන්න ඇති.. මොන එහෙකට මං දිහා බලනවද.. 

මම ඉක්මනට ගිටාර් එකේ ස්ට්‍රින්ස් වලට ඇඟිලි තියලා සිංදුවක් මතක් කරගත්තා.. ටිකක් පරණ මම ආස සිංදුවක් මගේ ඔලුවට ආවා.. මම ඒකට ගැළපෙන කෝඩ්ස් මතක් කරගත්තා..

1 2 3 4 

" මගෙ ලග ඉන්න කියා.. කදුලක මුවා වෙලා..

සුසුමක පාට වෙලා.. තරුමල් කැකුළු නෙළා..

තුරුලට ගන්න සිතා නිදි නැති කදුළු සළා...

හදවත සින්න වෙලා නුඹ ලග මටත් හොරා.."

පද දෙකතුනක් කියද්දි හිටිය අනිත් අයත් සිංදුව කියන්න එකතු වුණා.. ඔක්කොම හිටියෙ කොල්ලො නිසා එහෙම එකතුවෙලා සිංදු කියද්දි අමුතු ලස්සනක් තියනවා.. ජවසම්පන්න ගතියක්..?? ඔව් ඒ වගේ එකක් තමයි.. ටිකකින් මට මගේ කෝඩ්ස් වලට එහාපැත්තෙන් තව ගිටාර් එකක් ගහනවා ඇහුණා.. තව එහාට යද්දි බොංගෝ එකකුත් එකතුවුණා.. ආයෙම අත්පුඩි සද්දෙ.. ඒක හරිම ලස්සන හැඟීමක්..

" තරුද නිදන්නී.. සද පාළු මකන්නී...

කවුදෝ මේ සිහිනේ ආදරවන්තී..

සතුට බෙදන්නී.. මගෙ පාළු මකන්නී..

කුළුදුල් ආදරයෙන් මා හැරයන්නී.."

" සීතල කදුලෙන් මගේ ආදරෙ ඉල්ලා..

ජීවත් වන්නේ හදේ පැතුමන් හන්දා..

නුඹ ලග උන්නේ සුසුම් හිත යට හංගා..

හදවත මල් හී මගේ නාවත් ඉල්ලා.."

මම ගිටාර් එක ප්ලේ කරන ගමන් සමහර කෑලි අත ඇරලා කිව්වා.. ඒ වෙනකොටත් හැමෝම වගේ සිංදුවෙ සිහියෙන් හිටියෙ.. මම, මට ඉස්සරහින් ටිකක් ඈතට වෙලා ඉඳගෙන හිමිහිට තොල් අස්සෙ තියාගෙන සිංදුව මුමුණන අයුක අයියව දැක්කා.. එතකොටම වගේ මගෙ අතින් කෝඩ්ස් දෙකතුනක් මඟෑරුණා.. මම එක එච්චර ගාණකට ගත්තෙ නෑ අනිත් පැත්තෙන් රධ්‍ය අයියත් ප්ලේ කරන නිසා.. ඒ වුනාට අයුක අයියගෙ හැමතිස්සෙම අමුතු දුකකින් මැලවෙලා තියන සුදුමැළි මූණ දැක්කහමහිත රිදෙන්න ගන්නවා.. 

" මගෙ ලග ඉන්න කියා.. කදුලක මුවා වෙලා..

සුසුමක පාට වෙලා.. තරුමල් කැකුළු නෙළා..

තුරුලට ගන්න සිතා නිදි නැති කදුළු සළා...

හදවත සින්න වෙලා නුඹ ලග මටත් හොරා.."

" නෙතග නිදන්නී.. මගෙ කදුල නිවන්නී...

කොයිදෝ ඒ සිහිනේ ආදරවන්තී..

සිහින බෙදන්නී.. මගෙ තුරුලෙ නිදන්නී..

නොයිදුල් හාදුව ලග මා හැරයන්නී.."

" සීතල කදුලෙන් මගේ ආදරෙ ඉල්ලා...

ජීවත් වන්නේ හදේ පැතුමන් හංගා..

නුඹ ලග උන්නේ සුසුම් හිත යට හංගා..

හදවත මල් හී මගේ නාවක් ඉල්ලා.."

" මගෙ ලග ඉන්න කියා.. කදුලක මුවා වෙලා..

සුසුමක පාට වෙලා.. තරුමල් කැකුළු නෙළා..

තුරුලට ගන්න සිතා නිදි නැති කදුළු සළා...

හදවත සින්න වෙලා නුඹ ලග මටත් හොරා.."

සින්දු එක දෙක තුන කියවිලා ටිකකින් ඒක ඉවරයක් නැති පැදුරක් වුණා.. මුලින්ම හිමින් යන සිංදු කියන්න ගත්තත් ෂනෙරුවා දුඹුරු ලමිස්සියෙක් ගැන කියන්න අරගෙන කට්ටිය නැගිටලා හෙන හයියෙන් සිංදු කිව්වා.. හරියට කැලයක් මැද්දෙ අපි විතරක් තනියම ඉන්නවා වගේ.. රෑ කෑම වෙනකල්ම අපි සිංදු කිව්වා.. නැටුවා.. මුළු දවසෙමත් නටලා අපේ ස්පෝටි කොල්ලොන්ට ඒකෙ ගාණක් තිබ්බෙ නෑ.. මම ඇඟිලි රිදෙන නිසා ගිටාර් එක කරෙන් පන්නලා පැත්තකින් තියලා අනිත් උන් එක්ක නිකන් සිංදු කියන්න එකතු වුණා.. 

ඒ අස්සෙ සැරින් සැරේ අයුක අයියා දිහත් බැලෙනවා.. ඌත් බලනවා.. මට මොන මගුලක් වෙලාද මටම හිතාගන්න බෑ.. ටිකකින් ඒක හෙන අපහසුතාවයක් වෙද්දි මට ඕන වුණේ එතනින් එහාට යන්න.. ඒත් කාමරේට ගියත් මූවම හම්බෙනවනෙ.. මම කෝකටත් මඟ ඇරලම හිටියා.. මගේ පපුව ගැහෙන්න ගන්න විදියට මම ආස නෑ.. අනික අයුක අයියගෙ දුකින් පිරිලා තියන මූණ මගේ දිහා බලාගෙන මගෙන් මොනවද ඉල්ලන්නෙ.. එයා මොනවහරි කියනවා.. මට තේරෙන්නෙ නෑ.. මට ඒවා අහන්න උවමනාවක් දැනුණෙ නෑ.. මට උවමනා වුනේ ඒ බැල්මෙන් පැනලා යන්න විතරයි..

" දැන් එන්න පුතාලා.. හෙට වැඩ ගොඩක් තියනවා.. කෑම කාලා කාමරවලට යන්න.."

මැඩම්ලා දෙන්නෙක් ඇවිත් රෑ අටට විතර අපිට හොටෙල් එකට එන්න කියලා කිව්වා.. ඒත් පැය බාගයක් විතර ඉඳලා තමා අපේ උන්ට ගින්න හැදිලා ඇතුළට ගියේ.. දාඩිය පෙරාගෙන ගරායක්කු වගේ.. 

" අයිම් යොර් ස්වීටි මැණිකේ~"

" අඟුරු වලට ලඟම පාට කළුලූ~

ඊට වඩා මගේ මැණීක සුදුලූ~

මටම කැපෙන හොට්ම පාට තලෙළු~

කියන්නෙ මං විරිඳූ~"

ළඟින් ගිය ජොනතනා මගේ පුපට ගහගෙන දුවගෙන ගියා.. මම උගේ පාර පන්නගෙන ගිහින් උගේ කරට පැන්නා.. පස්සෙ ඌයි මායි දෙන්නම එතන තිබ්බ මල් පඳුරක් අස්සට පෙරළුණා.. රත් මල් පඳුරක්ද.. මොකක් හරි මගුලක්.. හොඳ වැඩේ බල්ලට මගෙ පුප මිරිකන්න.. හිතේ ඇති.. 

" වට් ද ෆ්-ෆිශ් මෑන්.. අඩෝ කොන්ද.. හෙල්ප් හෙල්ප් ප්ලීස්.. මෙන්න මූ මිනී මරනවෝ~~"

ඒ අස්සෙ මට කලිසම සීතලට තෙත වේගෙන එනවා දැනුණා.. 

" ඒ මෙන්න මෙතනින් මොනවද ගලනවා.. අඩෝ මෙන්න මොකක්ද උල්පතක් පෑදිලා.."

ජොනතනා දනිපනි ගාලා නැගිටලා මටත් නැගිටින්න අත දුන්නා.. වැව් බැඳි රාජ්‍යයේ අපිත් උල්පතක් හොයාගත්තා නේද දෙයියො..

" හුකා.. වතුර බටේට කෙළීයා නේද.."

" ම්-මොකක්..??"

" දුවපන් හු#තො.. අන්න අංකලයෙක් මෙහෙට එනවා.."

මමයි ජොනායි එතන තිබ්බ කාණුව අස්සට පැනලා ඒක දිගේ පාත් වෙලා ඇවිත් හොටෙල් එකේ අනිත් පැත්තෙ වැටෙන් පැනලා කාමරේට දුවගෙන ගියා.. ආ මග දුරයි.. මඟ දිගේ වතුර පාරවල් ගොඩයි..!! මම ජොනා එක්ක කාමරේට පැනලා දොර වහගත්තා.. වතුර බටේට කෙළලා ඒකෙන් ආපු වතුරයි පසුයි රත්මල් කොළයි මලුයි සේරම කලිසමේ.. දැන් මේකෙ අස්සෙ රිංගන් ඉන්නවා මැඩම් කෙනෙක්ට අහුවුණොත් මල හු#තක් වෙන්නෙ..

" කලිසමක් දාගනින් යකෝ.. මමත් යනවා කලිසමක් දාගන්න.."

" හා හා.. දාගෙන වරෙන්.."

ජොනා තෙමිච්ච කලිසම අත් දෙකෙන් අල්ලගෙන ඉස්සරහා කාමරේට රිංගගත්තම මම බාතෲම් එකට ගිහින් පස් හෝදගෙන අලුත් කලිසමක් දාගෙන අරූ එක්ක ආපු පාරෙන්ම කෑම කන තැනට ගියා.. එළියෙ පොල් අතු හෙවිලි කල්ලා තිබ්බ ලොකු හට් එකක් ඒක.. අමුතු ගතියක් තියේ.. මම යද්දි ෂනෙරුවා ආප්පෙකුත් අතේ තියාගෙන ඉස්සරහා ස්ක්‍රීන් එකේ යන මැච් එක බලනවා.. ඌ ඉන්නවා කියන්නෙ ඌට අරක් අරගෙන ඉන්න මහා දේවතාවා ඉන්නෙත් ඒ අසලමනෙ.. රධ්‍ය අයියලත් ස්ක්‍රීන් එක ගාව තිබ්බ සෝෆා එක ගාව ඉඳගෙන කෑම පිඟන් වගේකුත් උකුළෙ තියාගෙන කට ඇරගෙන මැච් එක බලනවා.. 

ෂනෙරු මගේ දිහා බැලුව විදිය මට එච්චර ඇල්ලුවෙ නෑ.. මම හිමින් සැරේ ඌට කිට්ටු කල්ලා ඉඳගත්තා..

" කලිසමට මොකද වුණේ හලෝ.."

" කොයි කලිසම.. නෑහ් පිස්සුද.."

" හෑයියා..!! ජොනායි උඹයි මොකක්ද කළේ කලිසම් මාරු කරගෙන.."

ක්ෂණිකව ඉස්සරහා ඉඳපු කියාන් අයියා හැරිලා අපේ දිහා බලලා අයුක අයියගෙ කණට කල්ලා මොකක්ද කියලා හෙන හයියෙන් හිනාවුණා.. නෙද්දකින් වලා..

" කලිසමේ අරවා ගෑවුනා ඒයි.. මම මාරුකරගෙන ආවනෙ.."

" අරවා කිව්වෙ.. සුදුපා-ම්හ්ක්ක්ක්ක්!!!!"

" කටවහගනින් භල්ලො.. මෙතන අයියලා ඉන්නවා.."

මම ෂනෙරුවගෙ කට අත් දෙකින්ම වහගෙන ඌ කකා ඉඳපු ආප්පෙ අරගෙන කන්න ගත්තා.. ඒ එක්කම වතුර නාගෙන වයසක අංකලයෙන් එතනට ඇවිදගෙන ආවහම ජොනතන් හොරාට මගේ දිහා බැලුවා.. සමාවෙන්න අංකල්.. අපි හිතුවෙ උල්පතක් කියලනෙ.. කව්ද අප්පා වතුරබට ගස් අස්සෙ දාන්නෙ.. මේකෙ ඉන්න උන්ටත් පිස්සුනෙ.. 

මලසමයං..

අපි කාලා බීලා මැච් එකත් බලලා මැඩම්ලා එතන ඩෙගා නටන්න ගත්තු නිසා කාමරවලට ආවා.. එතකොටනම් හොඳ පණ ගිහින් හිටියෙ.. ඇයි දෙයියනේ මුළු දවසක් කළේ බෙරිහන් දීපු එකනෙ.. ආපු ගමන්ම ෂනෙරුවා බාතෲම් එකට පැනගත්තා.. මමත් ඇඳුමක් උස්සන් බාතෲම් එකට පැනලා අරූට කලින් ඇඟ හෝදගත්තා.. නැත්නම් හැමදාම පගයා කලින් හෝදගෙන එළීයට පනිනවා.. 

" අම්මෝ ඇඟ රිදෙනවා බං.."

කියාන් අයියලා එළියෙ බාතෲම් එකට ගිහින් ඇඟ සෝදගෙන කාමරේට ඇවිත් හිටියෙ.. රධ්‍ය අයියයි, අභිරු අයියත් ඇඳේ පෙරළීගෙන ෆෝන් ඔබනවා.. අපිට තමා ජංගම දුකක්වත් නැත්තෙ.. අපේ ගෙදර මට දීලා තියෙන්නෙ ලැප් එක විතරයි.. ෆෝන් එක දෙන්නෙ උවමනාවක්ම වුණොත් විතරයි.. අපේ ගෙදර අති විනීත ගුරුවරු දෙන්නට ෆෝන් පේන්නෙ අපිව කන්න ආපු රාක්ශයො වගේ.. ඒ වුණාට මම ඉතින් ලැප් එකෙන් නටන්න ඕන දහ අට සන්නියම නටනවා.. ඒක වෙනම කතාවක්.. 

" සෙනුකයා.. මොකෝ බං උඹයි ජොනායි කලින් කාමරේට ආවෙ.."

වසවිලිලැජ්ජයි මටනම්..

" ජොනායි මමයි වතුරබටේ උඩට ඇදගෙන වැටුණා හලෝ.."

ඇඳ නිකම් ප්‍රයිවට් බස් එකක් වගේ.. කීදෙනෙක්ද.. මේ ඇඳ කඩාගෙනවත් වැටෙයිද..

" උඹලටනම් අම්මපා..!!"

" හරි ඉතින් කව්ද ගස් අස්සෙ වතුර බට ගහන්නෙ කියහන්කො.. මලපනිනවනෙ.."

" උඹ පයිප්ප බාස්ද ඒක හොයන්න.. මූ බලහන්කො.. වතුර බටයක්වත් තියන්නෙ නෑ ඒකටත් කෙළීනවා.."

" රධ්‍යට අමාරු නැද්ද බං.. උඹ කෑම්ප් ගිහින් අනිත් පැත්තට ගෙදරවත් ඉන්න වුණෙ නෑ කැම්පේන් ආවනෙ.."

රධ්‍ය අයියා ඇහුණෙ නෑ වගේ අභිරු අයියා දිහා නොබලා හිටියා..

" රධ්‍ය කෑම්ප් නෙමේ කොහේ ගියත් මේකනම් එනවනෙ.."

" ඕක නවත්තගනින්..!!"

" කාමරේ ඒ/සී එක දාපන් බං.. පුදුම රස්නයක්නෙ.."

" එපා එපා චූටිපැටියට සීතල හැදෙයිනෙ.."

මම ඇඳට පැනලා ඔලුවෙ ඉඳන් වහගන්න යද්දිම ෂනෙරුවත් ඇඟ හෝදගෙන එළියට ආවා.. රධ්‍ය අයියා ආලෝකේ වේගෙන් කාමරෙ දොරත් ඇරගෙන එළීයට යන්න ගියා.. අභිරු අයියත් ඒ පස්සෙන්ම ගියා.. 

" අත දිග අරින්න සෙනුකමලේ.."

ෂනෙරුවා මගේ අත බලෙන්ම දිග ඇරගෙන අත උඩින් ඔලුව තියාගෙන සීට් එක අස්සට පැනගත්තා.. මහන්සි වෙලා වෙලා ඇඳට ආවහම දැනෙන සනීපෙ.. වැටුණ මොහොතෙම මට අනිත් පැත්තට නින්ද යන්න ආවා..

" මහන්සි ඇති බං.. උබත් නිදාගනින්.."

" මම එළියට ගිහින් එන්නම්.."

කියාන් අයියගෙ කටහඬ ලාවට ඇහෙනකොට මගේ ඇස් දෙක පියවෙලා ගිහින් ලොකු නින්දක් ඇවිත් මාව වහගත්තා.. ඒ එක්කම කාමරේ දොර ක්ලික් ගාන සද්දෙත් එක්ක ලයිට්ස් ඕෆ් වෙලා ගියා..

හුඟක් මහන්සි දවසක අවසානෙ මම හිටිය ගැඹුරු නින්දෙන්ම මට දැනුණා ෂනෙරු කොට්ටෙ උඩට පෙරලිලා යනවා.. මම බ්ලැන්කට් එක ඔලුවෙ ඉඳන් පොරවගෙන පැත්තට ඇල වුණා.. මගේ ඇස් දෙක ලාවට ඇරුණත් ඒ එක්කම නින්ද ගියා.. කොච්චර වෙලාවක්ද කියන්න මං දන්නෙ නෑ.. ඊළඟ වතාවෙ මම නැගිටලා ඔරලෝසුවෙන් පේන වෙලාව හරියටම බලාගන්න ඇස් දෙක පොඩි කල්ලා ඒ දිහා බැලුවා.. 

රෑ දෙකට විතර ඇති..

මම ඇඳ රෙද්දෙන් කකුල් දෙක අරගෙන බිමින් තිබ්බම බිම සීතලට මගේ ඇඟම සීතලට හිරිගඩු පිපුණා.. අනිත් ඇඳ දිහා බලද්දි හිටියෙ කියාන් අයියා විතරයි.. මෙහා පැත්තෙ ඇඳේ රැල්ලක්වත් පොඩි වෙලා නෑ.. අයුක අයියා කොහෙද.. රධ්‍ය අයියලා ගාවට ගියාද.. නෑනෙ.. එහේ ඉන්නෙ සයෝන් අයියලනෙ.. මේ මිනිහා කොහේ ගිහිල්ලද..

මම ඒක ගැන හොය හොය හිටියෙ නෑ මොකද මමත් හිටියෙ චූබරේ.. මම බාතෲම් එකට ගිහින් දොර වහගත්තම අයුක අයියගෙ ශර්ට් එකක් ශවර් එක උඩින් දාලා තිබුණා.. 

" ම්හ්.. අච්චම්-"

මම සද්දෙ නැතිවෙන්න බාතෲම් එකේ දොර වහලා කාමරේට එද්දි ෂනෙරුයි කියාන් අයියයි දුම් දම දම නිදි.. කොහෙද අනේ මේ මිනිහා.. මෙහෙන් පැනලවත් ගිහින්ද.. 

මටත් ඉන්න බෑ හරි අමාරුවනෙ.. මම කාමරේ ඇරලා දිගට රූම්ස් තිබ්බ හෝල් එකේ ඒ කොනයි මේ කොනයි බැලුවා.. හොල්මනුත් ඉන්නවද මන්දා මේකෙ.. නොදැන්න තැන්වල.. කව්ද දන්නෙ හනිමූන් ආපු කපල් එකකින් කෙල්ල මේකෙ එල්ලිලා මැරිලාවත් තියද කියලා.. එහෙම වුණොත් සෙනුකයා උබට දෙයියනේ කියලා හොල්මන් මනමාලියක් ආරූඩ කරගෙන ගෙදර ගියහැකි..

මම දැක්කා හෝල් එක ඉවරවෙන ලොකු බැල්කනි එකේ පොඩි පොඩි ලන්තෑරුම් පත්තු කල්ලා තියනවා.. ඒවගෙන් මළාණික එළියක් වැටෙන නිසා ඒවගෙ අස්ස්සෙන් මට උස හෙවනැල්ලක් පෙනුණා.. මම ඇවිදගෙන යද්දි සෙරෙප්පු දෙක ෆ්ලිප් ෆ්ලොප් ගාන එක නවත්තගන්න මම හිමින්ම අඩිය තිබ්බා.. බලද්දි අයුක අයියා තමයි.. බැල්කනි වැටට අත් දෙක තියාගෙන බිම බලාගෙන ඉන්නවා.. සිගරට් ගඳක් ආවෙත් නෑ.. හොල්මනක්වත් වැහිලද මන්දා මූට.. මේ හැසිරෙන විදියට..

ඌ ඉතින් යහතින් ඉන්න නිසා මම යන්න හිතුවා..

" මහ රෑ ඇවිදින්නෙ කොහෙද.."

මම යන්න හැරිලත් ආයෙම නැවතුණා.. මෙන්න මූට පිටිපස්සට ඇස් තියනවා..!!

" අ-ආ මම මේ කොහෙද බැලුවෙ.. කාමරේ හිටියෙ නෑනෙ.."

මම ඉස්සරහ ඇවිදගෙන ගිහින් සීතල සුදුයකට බැල්කනි වැටට අත් දෙක තියාගත්තා.. රෑට එන කට්ට සීතල හුළඟට තොල් කට වේලෙනවා..

" ඇතුළට යන්න.. මෙතන සීතලයි.."

" නිදාගන්නෙ නැද්ද.."

" මම පස්සෙ එන්නම්.."

මට කියන්න මොකුත් තිබ්බෙ නෑ.. එහෙම බලෙන් නිදි කරවන්න තරම් අපි අතරෙ යාළුකමක් තිබ්බෙ නෑනෙ..

" මොකක් හරි අවුලක්ද.. මට උදව් කරන්න පුළුවන් එකක් නම් කරන්නම්.."

අයුක අයියා ඈත බලාගෙන ඉඳලා මගේ දිහා බැලුවා.. මම ඉස්සරහා බලාගත්තා..

" මට නින්ද යන්නෙ නෑ.. ඒකයි.. ඔයා අවදියෙන් ඉන්න එපා.."

ලන්තෑරුම් දෙකතුණේ කහපාට එළියට ඒ ඇස්වල ලාවට තිබ්බ තෙත ගතිය මට දිලිසිලා පෙනුණා..

" Do you want a hug.?"

" ආ..??"

" අවුලෙන් නම් ඉන්නෙ මම හග් එකක් දෙන්නම්.. A hug a day keeps the demons at bay.."

අයුක අයියා පුදුම වෙලා වගේ මගේ දිහාම බලාගෙන හිටියා.. මම අයුක අයියා ගාවටම කිට්ටු වෙලා අත් දෙක දෙපැත්තට කළා.. අයුක අයියා මට වඩා හුඟක් උසයි.. එයා මට හග් එකක් දෙන්න නම් පහළට වෙන්න ඕන.. 

" මම හොඳින් වත්සල්.."

" ආ හා.. බොරු කියන්න ඕන නෑ.. මම දන්නවා අවුලක් කියලා.. I hope that everything will be fine.."

අයුක අයියා හුඟක් වෙලා මං දිහා බලාගෙන ඉඳලා මගෙ ඉස්සරහින් හිටගත්තා.. මගේ පපුව කොච්චර වේගෙන් ගැහුණත් ඒක නොසලකා හරින්න මම තීරණේ කල්ලා තිබුණේ.. අයුක අයියා ගාවින් සිගරට් ගඳක් වෙනුවට මට සීතල සුවඳක් දැනුණා.. හරියට මෙන්තෝල් වගේ සුවඳක්.. සමහරවිට බාතෲම් එකේ තිබ්බ ඩෙටෝල් සබන් කැටේ නිසාද දන්නෙ නැහැ.. කොහොම වුණත් ඒක එයාට ගැළපුණා.. ටිකකින් මගේ ඉණ වටේ බැඳිච්ච අත් දෙකකට මාව මැදි වෙලා එහෙමම මාව ඇදිලා ගිහින් අයුක අයියගෙ පපුවෙ වැදුණා.. ඒක පීඩනේකින් වුණු දෙයක් නෙමෙයි.. හරි හිමිහිට අයුක අයියා මාව බදාගෙන මගේ උරහිසින් මූණ තියාගත්තා.. මම නුහුරට අයුක අයියගෙ කොණ්ඩෙ පහළ හරියෙන් ඇවිස්සුවා.. ඒක එවෙලෙට ගැළපුණාද මන්දා.. අයුක අයියා මං ගැන වැරදියට හිතුවද දන්නෙ-

" I feel safe.. I feel protected.."

අයුක අයියා හිමිහිට මොනවහරි කියද්දි මම ගල් පිළිමයක් වගේ එහෙමම හිටගෙන හිටියා.. මගේ ඇඟේ මෙච්චරවෙලා තිබ්බ රස්නෙ අයුක අයියගෙ ඇඟට කාන්දු වෙලා එයාවත් රස්නෙට දැනුණා.. විනාඩි දෙක තුනකින් අයුක අයියා මගේ කණ ගාවින් තොල් වද්දා නොවද්දා වගේ මගෙන් එහාට වුණා.. ඊටපස්සෙ මගෙ ඔලුව මැද්දෙන් අතක් තිබ්බා.. මේ මනුස්සයට ඔලුව අතගාන්න තේරෙන්නෙ නැද්ද කොහෙද.. ඔලුවට දෙතුන්පාරක් තට්ටු කල්ලා මට ඇතුළට යන්න කිව්වා.. මම එතන ඉන්න එක ගැලපෙන්නෙ නැද්ද කියලා හිතලා කාමරේට ආවහම අයුක අයියත් ඒ පස්සෙන්ම ඇවිත් ඇඳේ වැටුණා.. මමත් ෂනෙරු ගාවට ගිහින් ඇස් දෙක පියාගත්තු වෙලේම එහෙමම නින්ද ගියා..

එතකොට වෙලාව දෙක හමාර විතර වෙලා..!!

More Chapters