Cherreads

(නො)බැඳි

KimKoya99
7
chs / week
The average realized release rate over the past 30 days is 7 chs / week.
--
NOT RATINGS
624
Views
Synopsis
එක තත්පරේකටවත් ඔය හිතින් මට ආදරේ කරලම නැද්ද...? Sinhala BL Published date - 20/12/2024 KimKoya99 Don't Copy My Work.
VIEW MORE

Chapter 1 - පළමු හමුවීම

කලබලකාරී බව උපරිමේටම තියන කොළඹ. මං මේ ඉන්නේ ගෝල්ෆේස් එකේ. හවස පහයි. ඉක්මන්ට ඔෆිස් එකෙන් පැනගත්ත මං, ඔෆිස් එකට මහ දුරක් නැති ගෝල්ෆේස් එක ගාවට ආවේ මගේ බයික් එකේ. ඉතින් මම දැන් මේ කෙනෙක් එනකන් මග බලාගෙන ඉන්නවා. එයා ආසම ඉස්සො වඩේ ප්ලේට් දෙකකුත් අතේ තියාගෙන.

එයා එනකන් මට කරන්න පුලුවන් එකම දේ වුනේ ගෝල්ෆේස් එකට මේ වෙලාවට යන එන මිනිස්සු දිහා බලන එක විතරයි. අවුරුදු විසි ගනන් වල අග භාගෙ ඉන්න මට, මෙතනට යන එන පොඩි කෙල්ලො කොල්ලො දිහා බැලුවම හිනත් යනවා. ඒත් ඉතින් එහෙම වෙන්න හොද නෑ.

අර කවුද කෙනෙක් කියලත් තියනවනේ ප්‍රශ්නේ තමන්ගේ වෙන තාක් උත්තරේ දාර්ශනිකයි කියලා. මේ පොඩි ලව් කපල් දිහා හිනා වෙවී බැලුවට මොකද මාත් ආදරේ නිසා අන්ත අසරණ වෙලා ඉන්නේ.

නෑ නෑ මම බූට් එකක් කෑවෙ නෑ...

එහෙම කන්නවත් මං එයාට තාම ආදරෙයි කිව්වෙ නෑ. ආදරේ කරන කෙනාට ආදරෙයි කියලා කියාගන්න බැරුවයි මං මේ අසරණ වෙලා ඉන්නේ...

මට මතක ඇති කාලෙ ඉදන්ම මම එයාට ආදරෙයි. ඒක මේ මහ හයියෙන් ගොරවලා පොලවත් එක්ක කම්පා වෙන්න එක පාරටම වැස්සක් වහිනවා වගේ හදිස්සියෙ වුන දෙයක් නෙවේ. ඒක හරියට හැම උදේම කිසිම කලබලයක් නැතුව ඉර පායනවා වගේ. හෙමින් හෙමින් උනත් දළු දාපු වලක්වන්න බැරි ස්ථාවර හැඟීමක්.

අපි දෙන්නා දන්න වයසේ ඉදන් එකටමයි හැදුනේ. ඉතින් එයා මට මගේ මුළු ලෝකෙම. ඒක කිසිම විදියකින් වෙනස් වෙන එකක් නම් නෑ. හැබැයි මට මේ දැනෙන දේ එයාටත් දැනෙනවද කියන එක ප්‍රශ්නයක්. මම හොදින්ම උත්තරේ දන්න ප්‍රශ්නයක්. මොකද මගේ හැඟීම් එක්ක එයාගෙ හැඟීම් ගලපන්න බෑ. මම ඒ දේ හොදටම දන්නවා.

එයාට මං ගැන විශේෂ හැඟීමක් නෑ කියලා හිතෙන හැමවෙලේම මගේ හිත බිඳිලා ගියත් ඒ අවස්තා හරි ක්ශණිකයි. එයා හිනා වෙනකොට, මෝඩ පහේ විහිළු කරන කොට, කොටින්ම කිව්වොත් පොඩි එකෙක් ගානට හුරතල් වෙන්න හදන කොට, මට හරි මහන්සි කියලා මගේ උරහිසේ ඔලුව තියන් ඉන්න කොට හිත බිඳෙන හැඟීමෙන් මම ඉන්නෙ කොහොමද..? එයා මගෙ ළඟ නිදහසේ හුස්ම ගන්න හැම වෙලේම, ඒ හැම මොහොතක්ම බලාපොරොත්තුවක් කරගෙන මම කලේම මගේ හිත රවට්ට ගත්ත එක.

ඉතින් අද දවසත් ඊට වෙනස් වෙන එකක් නෑ.

" ශෙවාන්...!"

එයා ඇවිත්. මගේ නම ඈත තියාම මහ සද්දෙන් කියන ගමන් එයා මන් ගාවට දුවගෙන ආවා.

" ආ ආවද... බලපන් වෙලාව..."

" අනේ මේ හු*තක් නම් කතා කරන්න එපා... උබට වගේ මට ලේසියෙන් ඔෆිස් එකෙන් පයින්න බෑනේ..."

" සීරු...! මං උබට කියලා තියනවා මා එක්ක නම් කුනුහරප කියාගෙන එන්න ලෑස්ති වෙන්න එපා කියලා.."

" ආයෙ ලබ්බක් කියනවා.. මොකටද මට එන්න කිව්වේ කියහන්.. වැඩ ගොඩයි බන්.. උබ දන්නවනේ ඉයර් එන්ඩ් කියන්නේ බෙල්ල මුලටම වැඩ..."

හුරතල්... ඔව් හුරතල්... කට වහන් ඉන්න තාක් කල් සීරු හුරතල්...

" මොනවද කල්පනා කරන්නෙ ශෙවාන්.."

මගේ අතේ තිබ්බ එක පේපර් ප්ලේට් එකක් සීරු උදුරලා ගන්න ගමන්ම මගෙ එහා පැත්තෙන් වාඩි වුනා.

" මුකුත් නෑ. ඔක්කොටම කලින් කියපන් මොකෝ මේ කලබලේ..."

" නෑ ඉතින් උබ එක පාරටම එන්න කිව්වම මට ඉතින් කලින් ප්ලෑන් කරන් හිටපු වැඩත් පස්සට දාන්න වුනා.. ඒකයි..."

" මොකක්ද දැන් මං නිසා පස්සට ගිය උබේ වැදගත් වැඩේ..."

" ආ... විශේෂයක් නෑ... දන්නෙ නැද්ද බන් ඉතින් ඩේට් එකක්..."

සීරු කිසිම ගානක් නැතුව කියලා ඉස්සො වඩයක් කටේ ඔබා ගත්තා.

" උබ සිරාවටම ඒකිට ලව්ද සීරු..."

මම වෙන මොනවා කියලා අහන්නද.

" නෑ... "

හැමදාම වගේ එකම උත්තරේ. සීරු කවදද කාටවත් සිරා ලව් කලේ.

" ඔහොම කරන්න එපා බන්. අන්කල් උනත් උබ එක්ක තරහා ගන්න එක සාදාරණයි. අනික උබ ගෙදරින් ආවෙත් ගෑණු හුටපටයක් නිසා නේ. දැන්වත් පාඩමක් ඉගන ගනින්..."

" උබ ක්‍රිස්ටියන් කියලා ශුවර්ද ශෙවාන්...?"

" මොකක්..."

" නෑ බණ කියන නිසා ඇහුවේ... අනේ මේ කුනුහරප මතක් නොකර හිටපන් ශෙවාන්.."

" මේ අහපන් සීරු. උබ මගෙ හොදම යාලුවා බව ඇත්ත. ඒත් මතක තියාගනින් මම උබට වඩා අවුරුදු තුනක් වැඩිමල්... මම දෙයක් කියන්නේ හේතුවක් ඇතුව... අනික් දේ තමා උබව ආන්ටි අන්කල් දෙන්නා හැදුව විදිය මම හොදාකාරවම දන්නවා... උබ මෙහෙම හිටිය කොල්ලෙක් නෙවේනේ..."

" හැමෝම හැමදාම එකම විදියට හිටිය නම් මේ ලෝකෙ එකම තැන තියෙයි ශෙවාන්... මෝඩ කතා කියන්න එපා..."

හැමදාම වගේ එකම උත්තරේ. විහින් ප්‍රශ්න මවා ගන්න කෙනෙක් මගෙ ජිවිතේ මම දැකලා තියනව නම් ඒ සීරු විතරයි.

සීරු මුහුද දිහා බලන් ඉන්නවා. මගේ හදවත රේස් දුවනවා. අද මන් මේක කොහොම හරි කියන්න ඕනේ. කියන්නම ඕනේ.

" සීරු..."

මම සීරුට කතා කලා. මෙච්චර වෙලා මුහුද දිහා බලන් හිටිය සීරු මං දිහාවට හැරුනා. තාමත් කටේ ඉස්සො වඩයක්. කට කියෙව්වට මොකෝ ඇත්තටම සීරු කියන්නෙ අහංකාර නාහෙට අහන්නෙ නැති හුරතල් කොල්ලෙක්.

" මොකෝ බන්..."

කියන්න ඕනේ. කොහොම හරි.. ඒත් මගෙ උගුර හිරවෙලා වගේ. කොච්චර හුරුපුරුදු වුනත් සීරු දැන් මං දිහා බලන් ඉන්න විදිය ඒ මූනේ තියන ප්‍රශ්නාර්ත බැල්ම මාව තවත් කලබල කලා.

" ශෙවාන් මොන මගුලක්ද බන් ඈ... උබ එන්න කිව්වා.. මං ආවා... දැන් උබ ගල් ගිල්ල මෝඩ පගෙග් වගේ ඉන්නවා..."

" තමුසෙ මාව කලබල කරනවනේ බබා..."

" ඕන් ඉතින් හු*තක් කිව්වා... මං කියලා තියනවා මට බබා හුකුං ගාගෙන එන්න එපා කියලා... යකෝ පොඩි කාලේ බබා උනාට දැන් මං බබා නෙවේනේ...!!"

" අනේ ඔය කට පොඩ්ඩක් වහගන්න බබා... ඔයා නෑ කිව්වට එදා ඉදන් අද වෙනකන් උබ මගේ බබා තමා.. ඉස්සරහටත් එහෙමයි..."

උබට කියලා වැඩක් නෑ වගේ බැල්මකින් සීරු අහක බලා ගත්තා. එහෙම බෑනේ. දැන් මම මේක කියන්නම ඕනෙ නේ.

" සීරු..."

" ඇයි... ඇයි... මගෙ නම පාඩම් කරනවද බන්..."

" මට දෙයක් කියන්න තියනවා..."

" ඉතින් කියපන්.."

" සීරු... මන්... "

" ඔව් ඉතින් මොකද...?"

" මම ඔයාට ආදරෙයි...."

කිව්වා. ඔව් මං ඒක කිව්වා. ඒත් දැන් අපි දෙන්නා අතරේ තියන නිශ්ශබ්දකම... ඒක හරි අමුතුයි... සීරු දිහා මං බලාගෙනයි ඉන්නේ.. එයාගෙ මූනේ ඉරියව් වෙනස් වෙන්න පටන් ගත්තා. ඒ ඇස් වල තිබ්බේ ව්‍යාකූල පෙනුමක්. එයා ඇයි එහෙම ඇස් දෙකකින් මං දිහා බලන්නේ. සීරු මගෙන් ටිකක් ඈත් වුනා. ඔව් එයා අපි අතර යම්කිසි ඉඩන් හිටින විදියට මගෙන් ටිකක් ඈත් වෙලා වාඩි වුනා. ඒත් තාමත් ඒ ඇස් මං ගාව.

" සීරු... මේ අහන්නකෝ බබා..."

" මොකක්ද ඒ කිව්වේ..."

මම ආයෙම වචන අමුණන්න ගියෙ නෑ. එයාව තව කලබල කරන්න මට ඕනෙ නෑ.

" අයියේ...! මං ඇහුවේ තමුසෙ ඒ මේ දැන් මොකක්ද කිව්වෙ කියලා...!?"

ඉතින් මම හොද හුස්මක් අරන් මුලින්ම සන්සුන් වුනා. මම මුහුණ දෙන්න ඕනේ. මට පස්ස ගහන්න බෑ දැන්.

" බබා මං කිව්වේ මං ඔයාට ආදරෙයි කියලා..."

" අයියේ !?"

" මම හිතන්නෙ නෑ මට මේක තවදුරටත් හිතේ තියන් ඉන්න පුලුවන් කියලා..."

සීරු මං දිහා බලන් හිටියේ ඇසුත් ලොකු කරන්. මුහුදු හුළඟ තිබ්බට මොකද කොල්ලගෙ බෙල්ල දිගේ දාඩියත් ගලනවා. ඒත් තාමත් ඒ ලොකු ඇස් මගේ ඇස් වල නැවතිලා. හරියට මොනව හරි දෙයක් හොයනවා වගේ. හරියට මං කිව්ව ආදරේ මගේ ඇස් වල තියනවද කියලා හොයලා බලනව වගේ. ඒත් ඒ ක්ශනිකව සීරු අහක බලා ගත්තා.

" සීරු..."

" අපි යාලුවො ශෙවාන්.. හොඳම යාලුවෝ... ඒක හැමදාටම එහෙමයි... මට ඒ දේ විනාස වෙන්න දෙන්න බෑ..."

සීරු මගේ ඇස් දිහා ආයෙම නිකමටවත් බැලුවේ නෑ. ඒ කටහඬේ වුනත් තිබ්බේ ලොකු ස්ථාවර බවක් වෙද්දි ඒ කටහඬ නිසාම මට දුරස් බවකුත් දැනුනා.

ඒ වචන පිහි පාරවල් වගේ. මම සමාව දෙන්න බැරි තරමේ වැරැද්දක් කරපු ගානට මට තේරුම් කරවන පපුවටම වැදුනු තියුණු පිහි පාරවල්. මම හිනා වුනා. මවා ගත්ත හිනාවකින් මට මගෙ සීරුට කවදාවත් නැතුව සංග්‍රහ කරන්න වුනා. මගේ හදවත කොච්චර රිදුනත් මට මේ වෙලාවේ මම ඉස්සරහට තිබ්බ අඩිය ආයෙම පස්සට ගන්න වෙනවා.

" ම්ම් මම දන්නවා..."

මම මට බල කරලම වචන ගැලපුවා.

" මම ඉක්මන් වුනා වෙන්න ඇති සීරු..."

මගෙ මූනේ තාමත් අර කලින් මවා ගත්ත හිනාව. ආයෙම සීරු මං ගාවට ළං වුනා. ආයෙම අර හිස් තැන සීරුගෙන් පිරුනා. සීරු මං ගාවටම ආවේ මගේ අතක් එයාගෙ අතින් අල්ල ගන්න ගමන්මයි.

" මම දැනගෙන හිටියෙ නෑ ශෙවාන්..."

" ම්ම්..?"

" ඒ කිව්වේ මං හිතුවේ අපි දෙන්නා යාලුවො කියලා විතරයි... හොදම යාලුවෝ... ඊටත් එහාට පොඩි කාලෙ ඉදන් මට සහෝදරෙයෙක් නැති අඩුව පුරපු මගේ අයියා ඔයා ශෙවාන්..."

" ම්ම්... යාලුවෝ... හොඳම යාලුවෝ..."

මාත් කිව්වා.. තිත්ත උනත් ඇත්ත වචන... පිලිගන්න අමාරු වුනත් පිලිගන්නම වෙන වචන. මට තවත් සීරුගෙ ඇස් දිහා බලන්න බැරි නිසාම මම ඒ ඇස් මග ඇරලා බැහැගෙන යන ඉර දිහා බැලුවා.

" මට ඔයාව අපහසුතාවට පත් කරන්න ඕන වුනේ නෑ සීරු..."

" එහෙම නෑ..."

එහෙම නෑ කියලා වචන ගැලපුවට දැන් සීරු මං ගාව ඉන්නෙත් අපහසුවෙන් වගේ.

" මට ඕනෙ වුනේ ඒ දේ කියන්න විතරයි... මම.. මම ඒක මගෙ පපුවෙන් අයින් කරන්නම්... ඔව් මම ඒ දේ අයින් කරන්නම ඕනේ..."

සීරුට උත්තරයක් නෑ. හරියට එයා මට කියන්න ඕනෙ දේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව වචන ගළපනවා වගේ.

" මට... මට සමාවෙන්න ශෙවාන්... මම ඔයාගෙ හිත රිද්දන්න හිතුවෙ නෑ... ඒත්...."

එයා වචන අස්සේ හිර වෙනවා.. මාත්.. මාත් කියාගන්න දෙයක් නැති තත්වෙට පත් වෙලා. සීරුව තවත් අවුල් කරන්න ඕනෙ නැති නිසාම මම ඒකට කමක් නෑ කියන දේ කිව්වේ ඔලුව වනලා. හිනා වෙලා.

මට මේ ආදරේ වලලා දාන්න වෙනවද. ඔව් දෙන්නටම රිදෙන එක වලක්වන්න නම් මට මේ ආදරේ වලලා දාන්නම වෙනවා. ඒත් කොහොමද. සීරු කියන්නෙ මගෙ ලෝකෙ. සීරුට මං ගැන කිසිම හැඟීමක් ඇති වෙන්නෙ නෑ. මම ඒක කලින් ඉදන්ම දැනගෙන හිටියා. ඒත් මං ආදරේ කලා. ඒත් දැන්... කාලයත් එක්ක කොච්චරවත් නෑ නෑ කියලා හිතට බොරු බලාපොරොත්තු දීගත්ත මට අද ඒ දේ පිලිගන්නම වෙනවා. මාව කොච්චර ඇතුලින් බිඳිලා ගියත් මට මේ දේ පිලිගන්නම වෙනවා.

මම මගේ සිතුවිලි එක්ක ගැටෙනකොට මට තේරුනේ සීරු අල්ලගෙන ඉන්න මගේ අත එන්න එන්නම එයාගෙ අතින් තද වෙනවා.

" ශෙවාන්..."

මම සීරු දිහාවට හැරුනා. ඒ මූණෙ තිබ්බේ දෙගිඩියාවක්. කටහඬේ තිබ්බේ ආයාචනාත්මක ගතියක්.

" අපිට... අපිට හොදින් ඉන්න පුලුවන් නේද... හැමදාටම... කලින් හිටියා වගේම... කිසිම ප්‍රශ්නයක් නැතුව..."

උත්තරයක්... කෝ මේ ප්‍රශ්නෙට මං ගාව උත්තරයක්...

" ශෙවාන්...?"

" ම්ම් ඔව්... අනිවාරෙන්... ඇයි අපි වෙනස් වෙන්නේ... එහෙම වෙන්නෙ නෑ... අපි දෙන්නට කලින් වගේම හොදම යාලුවෝ, සහෝදරයෝ වගේ ඉන්න පුලුවන්.."

අදින් පස්සේ අපි දෙන්නා අතර බැඳීම කලින් වගේ නොවෙන බව ස්තීරවම දැනගෙන උනත් මට සීරුට බොරු කියන්න සිද්ද වුනා. අපි අතර ඕනෑවට වඩා ගැඹුරට ගිය යාලුකමවත්, හැමවෙලේම හොයලා බලන සහෝදරකමවත් ආයෙම කලින් වගේ වෙන්නෙ නෑ.

හැමදාටම හිතේ හංගගෙන තියාගෙන ඉන්න තිබ්බ ආදරේ ඇයි මම සීරුට කිව්වේ.

" ම්ම්... අපි යන් ශෙවාන්..."

ඒ කියන්නේ සීරුගෙ ලගින්ම ඉන්න මට ලැබුන අන්තිම අවස්තාව මේකද.

" යන්... ඔයා ආවෙත් බයික් එකේ නේද..."

" ඔව් ශෙවාන්.. මම ආයේ ඔෆිස් එකට යනවා..."

" ම්ම්.. හරි එහෙනම් පරිස්සමට යන්න... ඕනෑවට වඩා වැඩ කරන්න එපා සීරු... ඔයා හරි ඉක්මනට ස්ට්‍රෙස් වෙනවා..."

කතාවෙන් කතාව දෙන්නම බයික් දෙක ගාවට ආවම මම සීරුට ඒ දේ කිව්වේ ඇත්තටමයි. මොකද අද වුන දේ හිතෙන් අයින් කරන්න සීරු ඊලගට කරන්න හදන දේ මං හොදටම දන්නවා.

" කොහොමත් වැඩ වැඩීනේ බන්. ඩේට් එකත් කැන්සල් වුන නිසා ආයෙම ගිහින් වැඩ කරලා රෑ වෙලා ගෙදර යනවා..."

" ම්ම් හරි.. පරිස්සමට..."

හෙල්මට් එකත් දාගෙන බයික් එකටත් නැගලා මටත් හෝන් කරන ගමන් සීරු උපරිම වේගෙන් ඉගිල්ලිලා ගියේ මගේ ආදරේ ප්‍රතික්ශේප කරපු විදියටමයි.

__________________

අලුත් ශෝට් ස්ටෝරි එකක්. කැමති අය කියවලා අදහස් කියාගෙන යන්න

• ශෙවාන් අචින්ත ප්‍රනාන්දු.

• සීරු පින්සර සඳනායක.

KimKoya

- 20/12/24 -